15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්ර ක්රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.
15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

19. බහුම්පි චේ සහිතං භාසමානෝ
න තක්කරෝ හෝති නරෝ පමත්තෝ
ගෝපෝ‘ව ගාවෝ ගණයං පරේසං
න භාගවා සාමඤ්ඤස්ස හෝති
♦ යම් අයෙක් අර්ථ සහිත දෙය බොහෝ කොට කියන්නේ වුව ද, තමන් ප්‍රමාදයට පත් වී, ඉදින් ඔහු එය සිදු නො කරන්නේ නම්, ඔහු අනුන් ගේ ගවයන් බලා ගන්නා ගොපල්ලා මෙන් ශ්‍රමණභාවය (මග ඵල) හිමි කර නො ගනියි.
♦♦ Much though he recites the sacred texts, but acts not accordingly, that heedless man is like a cowherd who only counts the cows of others – he does not partake of the blessings of a holy life.
♦♦♦ धर्मग्रंथों का कितना ही पाट करे, लेकिन यदि प्रमाद के कारण मनुष्य उन धर्मग्रंथों के अनुसार आचरण नहीं करता, तो दूसरों की गौवें गिनने वाले ग्वालों की तरह वह श्रमणत्व का भागी नहीं होता.
————–
(Dhammapada – English translation by Ven.Buddharakkhita. Hindi translation by tipitaka.org)
This entry was posted on Friday, December 9th, 2011 at 2:11 pm
You can follow any responses to this entry through the RSS 2.0 feed.
