15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.
15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

| M | T | W | T | F | S | S |
|---|---|---|---|---|---|---|
| « Dec | ||||||
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 | ||
21. අප්පමාදෝ අමතපදං පමාදෝ මච්චුනෝ පදං
අප්පමත්තා න මීයන්ති යේ පමත්තා යථා මතා
♦ අප්‍රමාදය අමෘතයට (නිවනට) කාරණය යි (හේතුව යි). ප්‍රමාදය (ධර්මය තුළ) මරණයට කාරණය යි. අප්‍රමාදී උදවිය නොමැරෙන අය වගෙයි. ප්‍රමාදී අය (ජීවත් වුනත්) මිය ගිය අය වගෙයි.
♦♦ Heedfulness is the path to the Deathless. Heedlessness is the path to death. The heedful die not. The heedless are as if dead already.
♦♦♦ प्रमाद न करना अमृत (निर्वाण) का पद है और प्रमाद मृत्यु का पद. प्रमाद न करने वाले (कभी) मरते नहीं और प्रमादी (तो) मरे-सामान होते हैं.
22. ඒතං විසේසතෝ ඤත්වා අප්පමාදම්හි පණ්ඩිතා
අප්පමාදේ පමෝදන්ති අරියානං ගෝචරේ රතා.
♦ නුවණැති අය අප්‍රමාදයෙහි ඇති මේ ගුණය විශේෂයෙන් දැන ගෙන, අප්‍රමාදයෙහි සතුටු වෙති. (බෝධිපාක්ෂික ධර්ම නම් වූ) ආර්යයන් වහන්සේලාගේ ගොදුරු බිමෙහි ඇලී වාසය කරති.
♦♦ Clearly understanding this excellence of heedfulness, the wise exult therein and enjoy the resort of the Noble Ones.
♦♦♦ ज्ञानि जन अप्रमाद के बारे में इस प्रकार विशेष रूप से जान कर आर्यों की गोचरभूमि में रमण करते हुए अप्रमाद में प्रमुदित होते हैं.
23. තේ ඣායිනෝ සාතතිකා නිච්චං දළ්හපරක්කමා
ඵුසන්ති ධීරා නිබ්බාණං යෝගක්ඛේමං අනුත්තරං
♦ ධ්‍යාන වඩන්නා වූ, එක දිගට පවත්වන වීරියෙන් යුතු, නිරන්තරයෙන් දැඩි පරාක්‍රමයෙන් යුක්ත වූ, ඒ ප්‍රඥාවන්තයෝ කාමාදී යෙදීම්වලින් තොර නිර්භය ස්ථානය වූ අනුත්තර වූ නිවන ස්පර්ශ කරති.
♦♦ The wise ones, ever meditative and steadfastly persevering, alone experience Nibbana, the incomparable freedom from bondage.
♦♦♦ वे सतत ध्यान करने वाले, नित्य दृढ़ पराक्रम करने वाले, धीर पुरुष उत्कृष्ट योगक्षेम वाले निर्वाण को प्राप्त कर लेते हैं.
24. උට්ඨානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ
සඤ්ඤතස්ස ච ධම්මජීවිනෝ අප්පමත්තස්ස යසෝ‘භිවඩ්ඪති..
♦ නැගීසිටින වීරියෙන් යුතු, මනා සිහියෙන් යුතු, පිරිසිදු ක්‍රියා ඇති, විමසාබලා කටයුතු කරන්නා වූ, සංවර වූ දිවි පැවතුම් ඇති, ධර්මයට අනුව ජීවත් වන්නා වූ, අප්‍රමාදී තැනැත්තා ගේ යසස වැඩෙන්නේ ය.
♦♦ Ever grows the glory of him who is energetic, mindful and pure in conduct, discerning and self-controlled, righteous and heedful.
♦♦♦ उद्योगशील, स्मृतिमान, शुची (दोषरहित) कर्म करने वाले, सोच-समझ कर काम करने वाले, संयमी, धर्म का जीवन जीने वाले, अप्रमत्त (व्यक्ति) का यश खूब पढ़ता है.
(Dhammapada – English translation by Ven.Buddharakkhita. Hindi translation by tipitaka.org)
