15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.
15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

| M | T | W | T | F | S | S |
|---|---|---|---|---|---|---|
| « Dec | ||||||
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 | ||
90. ගතද්‌ධිනෝ විසෝකස්‌ස, විප්‌පමුත්‌තස්‌ස සබ්‌බධි;
සබ්‌බගන්‌ථප්‌පහීනස්‌ස, පරිළාහෝ න විජ්‌ජති.
♦ සසර කතර මග ඉක්ම ගිය, පහවූ ශෝක ඇති, සියලු දහම් හි නො ඇලී නිදහස් වූ, සියලු කෙළෙස් ගැට ප්‍රහාණය කළ රහතන් වහන්සේලාට දාහයක් නැත්තේ ය.
♦♦ The fever of passion exists not for him who has completed the journey, who is sorrowless and wholly set free, and has broken all ties.
91. උය්‍යුඤ්‌ජන්‌ති සතීමන්‌තෝ, න නිකේතේ රමන්‌ති තේ;
හංසාව පල්‌ලලං හිත්‌වා, ඔකමෝකං ජහන්‌ති තේ.
♦ සතියෙන් යුතු වන ඒ රහතන් වහන්සේ සමථ විදර්ශනා ගුණයන් හි යෙදෙන්නෝ ය. ඒ රහතන් වහන්සේලා කාමයන් හි නො ඇල්න්නේ ය. විල හැර දමා යන හංසයින් මෙන් සියලු ආලය හැර දමා යන්නෝ ය.
♦♦ The mindful ones exert themselves. They are not attached to any home; like swans that abandon the lake, they leave home after home behind.
92. යේසං සන්‌නිචයෝ නත්‌ථි, යේ පරිඤ්‌ඤාතභෝජනා;
සුඤ්‌ඤතෝ අනිමිත්‌තෝ ච, විමොක්‌ඛෝ යස්ස ගෝචරෝ;
ආකාසේ ව සකුන්‌තානං, ගති තේසං දුරන්‌නයා.
♦ යම් කෙනෙක් තුළ රැස් කිරීමක් නැත් ද, යම් අයෙක් ආහාර පිරිසිඳ දැනගෙන තිබේ ද, සුඤ්ඤත සහ අනිමිත්ත යන විමෝක්ෂ යම් අයෙකු ගේ ගොදුරු බිම් වනවා ද, ඒ රහතන් වහන්සේලා ගේ ගතිය අහසේ කුරුල්ලන් ගිය මාර්ගය මෙන් දැනගැනීමට දුෂ්කර ය.
♦♦ Those who do not accumulate and are wise regarding food, whose object is the Void, the Unconditioned Freedom – their track cannot be traced, like that of birds in the air.
93. යස්‌සාසවා පරික්‌ඛීණා, ආහාරේ ච අනිස්‌සිතෝ;
සුඤ්‌ඤතෝ අනිමිත්‌තෝ ච, විමොක්‌ඛෝ යස්ස ගෝචරෝ;
ආකාසේ ව සකුන්‌තානං, පදං තස්‌ස දුරන්‌නයං.
♦ යම් කෙනෙක් ගේ ආශ්‍රව සියල්ල ක්ෂය වී ගියේ ද, ආහාර කෙරෙහි ඇලීමක් නැත් ද, සුඤ්ඤත අනිමිත්ත යන විමෝක්ෂ යම් අයෙකු ගේ ගොදුරු බිම් වනවා ද, අම නිවන කරා ගමන් කළ ඒ රහතන් වහන්සේලා ගේ පිසටහන් අහසේ ගිය කුරුල්ලන් ගේ පියසටහන් මෙන් දැන ගැනීමට දුෂ්කර ය.
♦♦ He whose cankers are destroyed and who is not attached to food, whose object is the Void, the Unconditioned Freedom – his path cannot be traced, like that of birds in the air.
94. යස්‌සින්‌ද්‍රියානි සමථඞ්‌ගතානි, අස්‌සා යථා සාරථිනා සුදන්‌තා;
පහීනමානස්‌ස අනාසවස්‌ස, දේවාපි තස්‌ස පිහයන්‌ති තාදිනෝ.
♦ දක්ෂ රියදුරක විසින් ඉතා හොඳින් දමනය කරන ලද අසුන් මෙන්, යම් අයෙකු ගේ ඉඳුරන් දමනය වී තිබේ නම්, මානය ප්‍රහාණය කළ, ආශ්‍රව රහිත තාදී වූ ඒ රහතන් වහන්සේලාට දෙවියන් පවා කැමති වෙති.
♦♦ Even the gods hold dear the wise one, whose senses are subdued like horses well trained by a charioteer, whose pride is destroyed and who is free from the cankers.
95. පථවිසමෝ නෝ විරුජ්‌ඣති, ඉන්‌දඛිලුපමෝ තාදි සුබ්‌බතෝ;
රහදෝව අපේතකද්‌දමෝ, සංසාරා න භවන්‌ති තාදිනෝ.
♦ මහපොළොව හා සම වූ ඉන්ද්‍රඛීලයක් වැනි වූ කිසිවෙක් සමඟ (ද්වේශයෙන්) විරුද්ධ නොවන, තාදී වූ, ධුතාංග ආදී සුන්දර ගුණ ඇති, පහ වූ මඩ ඇති විලක් මෙන් ප්‍රසන්න වූ අටලෝදහමින් කම්පා නොවන ඒ රහතන් වහන්සේලාට සංසාරයක් නැත.
♦♦ There is no more worldly existence for the wise one who, like the earth, resents nothing, who is firm as a high pillar and as pure as a deep pool free from mud.
96. සන්‌තං තස්‌ස මනං හෝති, සන්‌තා වාචා ච කම්‌ම ච;
සම්‌මදඤ්‌ඤා විමුත්‌තස්‌ස, උපසන්‌තස්‌ස තාදිනෝ.
♦ ආර්ය සත්‍ය ඉතා හොඳින් දැනගෙන විමුක්තියට පත් වූ, උපශාන්ත වූ, තාදී වූ ඒ රහතන් වහන්සේ ගේ සිත ද ශාන්ත ය. වචනය ද ශාන්ත ය. මනස ද ශාන්ත ය.
♦♦ Calm is his thought, calm his speech, and calm his deed, who, truly knowing, is wholly freed, perfectly tranquil and wise.
(Dhammapada – English translation by Ven.Buddharakkhita. Hindi translation by tipitaka.org)
