Chitta Vagga

33. ඵන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයං
උජුං කරෝති මේධාවී උසුකාරෝ‘ව තේජනං

♦ නොයෙක් අරමුණෙහි සැලෙන, චපල වූ, රකින්නට දුෂ්කර වූ, වළක්වන්නට දුෂ්කර වූ සි නුවණැති තැනැත්තා සෘජු කරන්නේ ය. ඊතල වඩුව ඊ දණ්ඩක් ඇද හැර සකස් කරන්නාක් මෙනි.

♦♦ Just as a fletcher straightens an arrow shaft, even so the discerning man straightens his mind – so fickle and unsteady, so difficult to guard and control.

♦♦♦ चंचल, चपल, कठिनाई से संरक्षण और कठिनाई से (ही) निवारण योग्य चित्त को मेधावी (पुरुष) वैसे ही सीधा करता है जैसे बाण बनाने वाला बाण को.


34. වාරිජෝ‘ව ථලේ ඛිත්තෝ ඕකමෝක උබ්භතෝ
පරිඵන්දතිදං චිත්තං මාරධෙය්‍යං පහාතවේ..

♦ වතුරෙන් ගොඩට දැමූ මාලුවෙකු මෙන් මේ සිත සැලෙන්නේ ය. මාරයාට අයත් දෙය දුරු කළ යුතු ය.

♦♦ As a fish when pulled out of water and cast on land throbs and quivers, even so is this mind agitated. Hence should one abandon the realm of Mara.

♦♦♦ जैसे जल से निकाल कर धरती पर फेंकी गयी मछली तड़फ ड़ाती है, वैसे ही है चित्त. मार के फंदे छोड़ना है.


35. දුන්නිග්ගහස්ස ලහුනෝ යත්ථකාමනිපාතිනෝ
චිත්තස්ස දමථෝ සාධු චිත්තං දන්තං සුඛාවහං..

♦ මට්ටු කරන්නට දුෂ්කර වූ, ඉතා ඉක්මණින් වෙනස් වන්නා වූ, යම් කැමති අරමුණක ගොස් බැසගෙන සිටින්නා වූ සිත දමනය කිරීම යහපත් ය. සිත දමනය කළ විට සැප ගෙන දෙන්නේ ය.

♦♦ Wonderful, indeed, it is to subdue the mind, so difficult to subdue, ever swift, and seizing whatever it desires. A tamed mind brings happiness.

♦♦♦ ऐसे चित्त का दमन करना अच्छा है जिसको वश में करना कठिन है, जो शीघ्रगामी है और जहाँ चाहे वहां चल जाता है. दमन किया गया चित्त सुख देने वाला होता है.


36. සුදුද්දසං සුනිපුනං යත්ථකාමනිපාතිනං
චිත්තං රක්ඛේථ මේධාවී චිත්තං ගුත්තං සුඛාවහං..

♦ දකින්නට ඉතා දුෂ්කර, ඉතා සියුම් වූ, යම් කැමති අරමුණක ගොස් බැසගෙන සිටින්නා වූ සිත නුවණැති තැනැත්තා ආරක්ෂා කරන්නේ ය. සිත ආරක්ෂා කරගත් විට සැප ගෙන දෙන්නේ ය.

♦♦ Let the discerning man guard the mind, so difficult to detect and extremely subtle, seizing whatever it desires. A guarded mind brings happiness.

♦♦♦ जो बड़ा दुर्दर्श है, कठिनाई से दिखाई पड़ने वाला है, बड़ा चालाक है, जहाँ चाहे वहीँ जा पहुँचता है, समझदार (व्यकित) को चाहिए की (ऐसे) चित्त की रक्षा करे. सुरक्षित चित्त बड़ा सुखदायी होता है.

(Dhammapada – English translation by Ven.Buddharakkhita. Hindi translation by tipitaka.org)