15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.
15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

| M | T | W | T | F | S | S |
|---|---|---|---|---|---|---|
| « Dec | ||||||
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 | ||
116. අභිත්‌ථරේථ කල්‍යාණේ, පාපා චිත්‌තං නිවාරයේ;
දන්‌ධඤ්‌හි කරොතෝ පුඤ්‌ඤං, පාපස්‌මිං රමතී මනෝ.
♦ යහපත් කටයුතු වල වහ වහා නිරත විය යුත්තේ ය. පාපයෙන් සිත වැළැක්විය යුත්තේ ය. පමා වෙමින් පින් කරන තැනැත්තාගේ සිත පාපයෙහි ඇලෙයි.
♦♦ Hasten to do good; restrain your mind from evil. He who is slow in doing good, his mind delights in evil.
117. පාපඤ්‌චේ පුරිසෝ කයිරා, න තං කයිරා පුනප්‌පුනං;
න තම්‌හි ඡන්‌දං කයිරාථ, දුක්‌ඛෝ පාපස්‌ස උච්‌චයෝ.
♦ ඉදින් යම් පුරුෂයෙක් පව් කළේ නම්, එය නැවත නැවත නො කළ යුතු ය. ඒ පාපකර්මයෙහි ඇල්මක් ඇති කර නො ගත යුතු ය. පාපයෙහි රැස් වීම දුකකි.
♦♦ Should a person commit evil, let him not do it again and again. Let him not find pleasure therein, for painful is the accumulation of evil.
118. පුඤ්‌ඤඤ්‌චේ පුරිසෝ කයිරා, කයිරාථේතං පුනප්‌පුනං;
තම්‌හි ඡන්‌දං කයිරාථ, සුඛෝ පුඤ්‌ඤස්‌ස උච්‌චයෝ.
♦ ඉදින් යම් පුරුෂයෙක් පින් කළේ නම්, එය නැවත නැවතත් කළ යුතු ය. ඒ පුණ්‍ය කර්ම සිදු කිරීම කෙරෙහි කැමැත්තක් ඇති කරගත යුතු ය. පිනෙහි රැස්වීම සැපයකි.
♦♦ Should a person do good, let him do it again and again. let him fin pleasure therein, for blissful is the accumulation of good.
119. පාපෝපි පස්‌සති භද්‍රං, යාව පාපං න පච්‌චති;
යදා ච පච්‌චති පාපං, අථ පාපෝ පාපානි පස්‌සති.
♦ යම්තාක් පව් කම් විපාක නොදෙයි ද, ඒතාක් පාපී පුද්ගලයා ත් යහපත දකියි. යම් කලෙක පාපය විපාක දෙයි ද, එදිනට පාපී පුද්ගලයා පවෙහි විපාක දකියි.
♦♦ It may be well with the evil-doer as long as the evil ripens not. But when it does ripen, then the evil-doer sees (the painful results of) his evil deeds.
120.භද්‍රෝපි පස්‌සති පාපං, යාව භද්‍රං න පච්‌චති;
යදා ච පච්‌චති භද්‍රං, අථ භද්‍රෝ භද්‍රානි පස්‌සති.
♦ යම්තාක් යහපත් කර්මය විපාක නො දෙයි ද, ඒතාක් යහපත් පුද්ගලයා ත් කටුක විපාක දකියි. යම් කලෙක යහපත් කර්මය විපාක දෙයි ද, එදිනට යහපත් පුද්ගලයා යහපත දකියි.
♦♦ It may be ill with the doer of good as long as the good ripens not. But when it does ripen, then the doer of good sees (the pleasant results of) his good deeds.
121. මා‘ප්‌පමඤ්‌ඤේථ පාපස්‌ස, න මන්‌තං ආගමිස්‌සති;
උදබින්‌දුනිපාතේන, උදකුම්‌භෝපි පූරති;
පූරති බාලෝ පාපස්‌ස, ථෝකථෝකම්‌පි ආචිනං.
♦ ස්වල්ප වූ පාප කර්මය මා කරා විපාක දීමට නො පැමිණෙන්නේ ය“ කියා පාපය ගණන් නොගෙන නො සිටින්න. බින්ඳුව බැගින් එක් වීමෙන් දිය කළය පිරී යන්නේ යම් සේ ද, එසේ ම ටික ටික නමුත් පවු කරන පුද්ගලයා පවෙන් පිරී යන්නේ ය.
♦♦ Think not lightly of evil, saying, “It will not come to me.” Drop by drop is the water pot filled. Likewise, the fool, gathering it little by little, fills himself with evil.
122. මා‘පමඤ්‌ඤේථ පුඤ්‌ඤස්‌ස, න මන්‌තං ආගමිස්‌සති;
උදබින්‌දුනිපාතේන, උදකුම්‌භෝපි පූරති;
ධීරෝ පූරති පුඤ්‌ඤස්‌ස, ථෝකථෝකම්‌පි ආචිනං.
♦ ස්වල්ප වූ පුණ්‍ය කර්මය මා කරා සැප විපාක දීමට නො පැමිණෙන් ය කියා“ පින ගණන් නො ගෙන නො සිටින්න. බින්ඳුව බැගින් එක් වීමෙන් දිය කළයක් පිරී යන්නේ යම් සේද එසේ ම ටික ටික නමුත් පින් කරන පුද්ගලයා පිනෙන් පිරී යන්නේ ය.
♦♦ Think not lightly of good, saying, “It will not come to me.” Drop by drop is the water pot filled. Likewise, the wise man, gathering it little by little, fills himself with good.
(Dhammapada – English translation by Ven.Buddharakkhita. Hindi translation by tipitaka.org)
